
සුහදිනිය
නුඹේ මුදුකය
මා හට වටිනුයේ
රාග ගිණි නිවනා
උල්පත නිසා නොව
මහ මෙරක් වන්
සෙනෙහසක් දුන්
ප්‍රේමණීය ආත්මය
එහි වසන නිසාවෙනි....

නිල් පාට
කොල පාට
රතුපාට
පාටපාට
කළාකරුවෝ
පාට මිස රහක් නැති
මෙලෝ රහක් නැති
කළාකරුවෝ...

තුරුණු විය බර තබා
රුදුරු ගිණි අවියට
සමනල් හැඟුම් හැරදා
උපන් බිම රකින්නට
තල් අරණෙ සටන් වැද
රුපුන් බල බිඳින්නට
දිවිදුන් මෙමා මතකද
ලක්වැසියනේ නුඹලාට...